කොලොන්නාවේ නිවසක් නැති පවුල් 140 ක ජනතාවට නව නිවාසයක්






 අඩු පහසුකම් සහිත ජනාවාස වල ජීවත් වන ජනතාවට නව නිවාස ලබාදීමේ වැඩ සටහනට අනුව කොළොන්නාව ප්‍රදේශයේ පවුල් එකසිය හතලිහක් සඳහා කොළොන්නාව සංහිඳ සෙවන නිවාස යෝජනා ක්‍රමයේ නව නිවාස ලබාදීම අද ආරම්භ කළා.


 ඒ  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා හා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.


 මෙහිදී මෙම වැඩසටහනේ මුල් අදියර ලෙස නිවාසලාභීන් 41 දෙනෙකු වෙත නිවාස වල යතුරු භාර දීම අද සිදු කෙරුණා. 


එම අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර මහතා අදහස් දැක්වමින් කියා සිටියේ නව නිවාස සංකීර්ණ තුළ පිරිසිදුකම ආරක්ෂා කර ගැනීමට නිවාසලාභීන් ගේ යුතුකමක් පවතින බවත් එම ස්ථාන වනසන පුද්ගලයින්ගෙ නිවාස නැවත ලබාගැනීමට අවශ්‍ය කටයුතු ද ඉදිරි කාලයේ දී සිදු කරන බවයි.


එමෙන්ම ඉදිරි වසර පහ තුළ නිවාස ලක්ෂය ක අයිතිය ජනතාව වෙත පැවරීමට සියලු කටයුතු ආරම්භ කර ඇති බවත්  සියලු දෙනාගේ නිවාස සිහිනය වෙනුවෙන් ව්‍යාපෘති හතරක් යටතේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කරන බවත් අඩු පොලී හා දීර්ඝ කාලීන ණය ඔස්සේ නිවාස ලබා දීමට කටයුතු ආරම්භ කරන බවයි.


තවද  මෙම නිවාස යෝජනා ක්‍රම තුළින් රජයේ නිලධාරීන්ට මෙන්ම අඩු ආදායම්ලාභීන්ට ද විශේෂ අවශ්‍යතා මත නිවාස ලබා දීමට රජය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි  නාලක ගොඩහේවා අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ


මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මිලියන 2736 ක මුදලක් වැය කර ඇති අතර, එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 50 ක් 

No comments

Powered by Blogger.