1998 වසරේ හෙරොයින් සන්තකයේ තබා ගෙන ජාවාරම් වරදකරු කෙරුණු මාළු වෙළෙන්දෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි



1998 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 106 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මාළු වෙළෙන්දෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.


කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම දඬුවම නියම කරනු ලැබුවා.


 1998 වසරේ දෙසැම්බර් මස 08 වනදා පිටකොටුව පැරණි  මත්ස්‍ය වෙළෙඳ පොළ අසල දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකසිය හයක් සන්තකයේ තබා ගනිමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුට ගෙන තිබුණි.


ඉන් අනතුරුව ඔහුට එරෙහිව පැවැති නඩු විභාගයේදී වරදකරු කෙරුණු මෙම විත්තිකරුට 2012 වසරේ ජුලි මස 01 වන දා කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.


 එම දඬුවමට එරෙහිව විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය විත්තිකරුට පැනවූ එම දඬුවම ඉවත්කර අදාළ නඩුව යළි විභාග කොට තීන්දුවක් ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කර තිබුණි.


ඒ අනුව අදාළ නඩුව යළි විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි  මහතා විසින් විත්තිකරුට අද මරණීය දණ්ඩනය නියම කලේය.


No comments

Powered by Blogger.