තණමල්විල අනතුරකින් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු හයකට තුවාල





වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ දී තිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් ඊයේ (6) සිදු වූ අනතුරකින් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇත.


ගාල්ල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ දී තිරෝද රථයේ කුඩා දරුවන් තිදෙනකු,කාන්තාවක්,රියදුරු සහ තවත් පුද්ගලයකු ගමන් කරමින් සිට ඇති බව තණමල්විල මූලස්ථාන පොලිසිය පැවසීය.

අනතුරින් පසු තුවාල ලැබූවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.


ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අතර රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.






No comments

Powered by Blogger.