කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ උප පොලිස් පරීක්ෂක වරයා තවදුරටත් රිමාන්ඩ්


කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හොරණ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක කේ. සුනිල් පෙරේරා නැමැත්තා අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.


ඉන් අනතුරුව සැකකරු ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.


යතුරු පැදියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාවකට ඊට අදාළ ලේඛන ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

No comments

Powered by Blogger.