අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කර ඇති බව පවසමින් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව දැඩි ලෙස අවවාද කරයි



වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට  දේශපාලන පලිගැනීම් පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද දැඩි ලෙස අවවාද කළා .


ඒ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කරමින්  ජනතා විශ්වාසය කඩ වන ආකාරයට කටයුතු කර ඇති බවට චෝදනා කරමින්.


ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනපති කොමිසමට  කළ පැමිණිල්ලකට අනුව , වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද ප්‍රථම වතාවට කොමිසම හමුවේ පෙනී සිටියා.


දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ස්වෙච්ඡාවෙන් ඉවත් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන් සහන ලබාදීමේ සිදුවීම්වලට අදාලව යහපාලන ආණ්ඩු සමයේදී  තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන පලිගැනීම් මත සිදු කර ඇති බවට නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා .


ඒ අනුව ඒ මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ 2015.04.22 වැනිදා තමා ඇතුළු පිරිස  අත්අඩංගුවට ගෙන රාත්‍රි 10 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදීත් අධිකරණ භූමියේ  බන්ධනාගාර බස් රථයක් පැවැති බවත් එවකට එහි මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතාද  එහි රැඳී සිටි බවයි.


ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා ධම්මික හේමපාල මහතා අද කොමිසමට කැඳවූ අතර  , ඔහු සදහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයක් නොමැතිව සාක්ෂි ලබා දිය නොහැකි බවයි .


 " අනවශ්‍ය දේවල් පටලවා ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න.ඉහළම අධිකරණ වල හිටපු විනිශ්චකාරවරුන් දෙදෙනෙක් මෙතන ඉන්නවා.කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතනට ගාවගන්න එපා.අපි සීමාවේ ඉඳගෙන ප්‍රශ්න අහන හැටි  හොඳට දන්නවා "යනුවෙන් එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ධම්මික හේමපාල මහතාට  දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියා.


සභාපති විනිසුරුවරයා තවදුරටත් තරයේ අවවාද කරමින් ධම්මික හේමපාල මහතාට  ප්‍රකාශ කලේ "රන්ජන් රාමනායක සමග පුද්ගලික ස්ථානයක නඩු ගැන කතා කරන  වීඩියෝ පටයක් මාධ්‍යයට ලැබිලා තියෙනවා.ඒ තුළින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වෙලා ජනතා විශ්වාසය කඩ වෙලා තියෙනවා .ඒ ගැන සාක්ෂි විමසන්නැයි ඔබව කැඳවූවේ. තරාතිරම අපිට අදාළ නැහැ. කොමිසමේ බල තල අනුව ලංකාව තුළ ජීවත්වන ඕනෑම පුද්ගලයෙක් මේ හමුවට කැඳවිය හැකි බවයි.


මේ වන විට වන විට වැඩ තහනමකට ලක් ව ඇති නිසා  , අධිකරණ සේවා කොමිෂන් සභාව අවසරය නොමැතිවම සාක්ෂි ලබාදීමේ හැකියාව සාක්ෂිකරුට ඇති බවත් , කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.


මේ අතර යහපාලන ආණ්ඩු සමයේදී පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සමාජිකයින්ට  නඩත්තු ,  දීමනා සහ වේතන ඇතුළු ගෙවීම් පිළිබඳ වන ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන  නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා අද  කොමිසමට ඉදිරිපත් කළා.


එය නිරීක්ෂණයෙන් අනතුරුව කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ " දූෂණ හොයන්න ගිය තැනම තමා ලොකුම දූෂණය වෙලා තියෙන්නේ.හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි , මංගල සමරවීරයි මේ ගැන ඇහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නෙවත් නෑ කියලා කිව්වා.ඒ නිසා මේ මහා බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා මේක මාධ්‍යයට ලබා දෙන්නැයි කොමිසම නියෝග කළා .

2 comments:

  1. වත්මන් රජයේ චොකා මල්ලිව පාර්ලිමේන්තුවට ගෙන ඒම වැරැද්දක් නෙමේද? පිටරටවල්වල පවා කතා කරනව ලංකාව ගැන

    ReplyDelete

Powered by Blogger.