අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව කල්යයි



වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා දෙසැම්බර් මස 4 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.


මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම නඩුව දෙසැම්බර් මස 4 වනදා යළි කැඳවන ලෙසයි.


එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලා.


2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙක්  ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් එවක වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සහ.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.


No comments

Powered by Blogger.