ප්‍රසන්න රණතුංගගේ නඩුවකට අදාළව නියම කර තිබූ ඇප කොන්දේසියක් කොළඹ මහාධිකරණය ඉවත් කරයි





පසුගිය රජය සමයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව නියම කර තිබූ ඇප කොන්දේසියක් ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා.


මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට කැඳවනු ලැබුවා.


එහිදී විත්තිකාර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ඇප නියම කිරීමේ දී අධිකරණය විසින් සෑම මසකම අවසන් ඉරුදින පොලිස් අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට ඇප කොන්දේසියක් පනවා තිබූ බව පෙන්වා දුන්නා.


 ඒ අනුව 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කර තිබෙන හෙයින් ඔහු නොකඩවා නඩු විභාග සඳහා ද  පෙනී සිටීමක් ද සිදු කර නිසා එම ඇප කොන්දේසිය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රසන්න රණතුංග මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.


එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරුදින  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට පණවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට නියෝග කළා.


 අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 20 දා තෙක් කල් දැමුණා


2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ  එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ බිරිඳගේ ඥාති සොහොයුරෙකු වූ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.



මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ


1 comment:

  1. "ඔන්න කනෝ පිනුම් කිව්වලු" ජනාධිපති තුමනි මිනිස්සු 69 ලක්ශයක් ඔබ තුමාටත් ඒ විවිශ්වාසය මත ඉති හාසෙ පලමු වතාවට 68 ලක්ශයක් ඔබ තුමා කියපු ආන්ඩුව ගෙනාවෙ මේ වගේ බල පුලුවන් කාරකම් වලට නෙමෙයි..මේ යක්කු හින්ද අපහසුතාවට පත් වෙන්නෙ ආන්ඩුවම තමයි මොකද අධිකරනෙ මොන තීන්දුව දුන්නත්..හරි වැරැද්ද බලල මිනිස්සු පලාත් සභා චන්දෙදි වෙනස් වෙන්න පුලුවන් එහෙම උනොත් 1994 උනා වගේ පෙරලියක් වෙන්නත් පුලුවන්....ඒ නිසා මේ ආන්ඩුවෙ මන්ත්‍රීවරුනට ඔබ තුමාගෙ භාශාවෙන් කියල දුන්නොත් හැදෙයි..නැත්නම් මුන් ගොන් හරක් වගේ ඔහේ ඉබාගතෙ ඉදල ආන්ඩුවටත් කෙලවයි

    ReplyDelete

Powered by Blogger.