හැටන් පොලිස් නිලධාරින් පිරිසක් පි.සි.ආර් පරික්ෂණයට



හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරින්  (09) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පි.සි.ආර් පරික්ෂණයට ලක් කලහ.


නුවරඑලිය දිස්ත්‍රික්  සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යයාලයේ වසංගත රෝග අංශයෙන් මෙම පි.සි.ආර් පරික්ෂණය සිදු කරන ලදි.

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් හැටන් , වටවල , ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ් , නල්ලතන්නිය , මස්කෙලිය , නොර්වුඩ් , බගවන්තලාව යන පොලිස් ස්ථාන වල නිලධාරින් ඔහුන්ගේ රාජකාරි වලට බාධාවක් නොවන සේ පොලිස් නිලධාරින් පි.සි.ආර් පරික්ෂාව සදහා යොමු කෙරිණ.


නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිත ස්ථාන කිහිපයකම රාජ්‍යය සහ පෞද්ගලික අංශ වල සේවය කරන සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් පි.සි.ආර් පරික්ෂණයට මේ වන විට භාජනය කර ඇත.











No comments

Powered by Blogger.