තෙල් නෞකාවෙන් කවර ආකාරයක අනතුරක් සිදු වුවද ඒ සඳහා සූදානම් - කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර


පසුගියදා අනතුරට පත් වූ නෞකාවෙන් පරිසරයට සිදුවී ඇති හානිය සහ ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ සියලු ආයතන වල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද පරිසර අමාත්‍යංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. 

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා. එහිදී මාධ්‍ය වෙත අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කවර ආකාරයක අනතුරක් සිදු වුවද වුවද ඒ සඳහා සූදානම්ව සිටින බවයි.


මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් විසිවන සංශෝධනය ගැන ද අදහස් ප්‍රකාශ කළා. එසේම පරිසරයට හානියක් නොමැතිව සංවර්ධන කටයුතු කරන ආකාරය පිළිබඳව ද සඳහන් කළා. 

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති S. සමරසිංහ මහතා අමාත්‍යවරයා නෞකාවෙන් වෙන හානිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වන අතරතුර තම අදහස් ද ඉදිරිපත් කළා.

No comments

Powered by Blogger.