පොලිස් සිරමැදියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී



කළුතර උතුර පොලිස් සිරමැදියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගෙන තිබේ.


පොලීසිය පවසා සිටියේ, ඔහු මත්ද්‍රව්‍ය සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවෙක් බවය.


එසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ, 32 හැවිරිදි කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.


ඊයේ (13) උදෑසන මෙය සිදුව ඇති අතර, සිරමැදිරියේ තිබු පැඳුරක පටිය කපා ඉවත් කර ඒ ආධාරයෙන් සියදිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වේ.


මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා ගෙවල් බිඳුම් 4කට ද සොරකමකට ද මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි.


එයින් මත්ද්‍රව්‍ය නඩු 9ක් පවතින බවත් විවාහක බිරිඳ මේ වන විට ඔහු හැර ගොස් ඇතැයි ද වාර්තා වේ.


මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (13) රාත්‍රියේ කළුතර උතුර පොලිස් ස්ථානයේ දී සිදුකර තිබේ


No comments

Powered by Blogger.