තවත් Covid -19 අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගනී



තවත් Covid -19 අසාදිතයින් 14 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 13 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්  ය.


ඔවුන් අතරින් සවුදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු ද , කුවේට් සිට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ද , කටාර් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද , ඉන්දියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු ද වන බව වාර්තා වේ.


එම පුද්ගලයින් 14 දෙනා සමග කන්දකාඩු සහ සේනපුර මද්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයන් සංඛ්‍යාව 650 කි.


මේ අතර අද දින (23) උදෑසන දෝහාකටාර් සිට පුද්ගලයින් 42කු සහ ඉන්දියාවේ සිට එක පුද්ගලයෙකු ද මෙරටට පැමිණ තිබේ.


එසේ පැමිණෙන පුද්ගලයින් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.


ඒ අතර අද (23 නිරෝධායන කටයුතු අවසන් කර පුද්ගලයින් 162 නිවෙස් වෙත පිටත්ව යාමට යමිතව තිබේ.


No comments

Powered by Blogger.