කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනා 5 කට වරදකාරිය කළ කාන්තාවකට නියම වූ ඳඩුවම



ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවා තැබීම ඇතුළු චෝදනා 5 කට වරදකාරිය කළ  කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර දහයකට අත් හිටුවීමට නියම කලා.


 රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැති විත්තිකාරියට මෙසේ දඬුවම් නියම වුණා.


අත් හිටවු  සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ පහක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර 5ක සිර දඬුවම් නියම කරන බවයි සිය තීන්දුවේ සඳහන් කළේ.


2010 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ගණිකා වෘත්තියේ  යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබුණා.


 එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරිය වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා.


 ඉන් අනතුරුවයි මෙම දඬුවම් නියම වුණේ.

No comments

Powered by Blogger.