කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝධායනයට






කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69  දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම පෙරේදා (13)  රාත්‍රියේ නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි 


               මවක් එහි වැඩ වසන  හිමිනමකගේ  සුවදුක් බැලීම සඳහා  පසුගිය  2  දෙවෙනි දින   කටුනායක සිට  පැමිණ පැයක් පමණ එහි  ගත කර පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි 


                        එම මව කුඩා හිමිවරුන් පස්දෙනකු  සමග  කතාබස් කරමින් සිට පිටවී  වී යාමෙන්  අනතුරුව ඇයට පසුගිය 10 වැනිදා උණ  රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව  සිදු කළ පි සි ආර් පරීක්ෂණයෙන්  ඇයට කොවිඩ් ආසාදිත වී ඇති බවට පෙරේදා .13. රාත්‍රියේ  අනාවරණය වීමෙන් අනතුරුව සෞඛ්‍යය බලධාරීන්  මෙම පියවර ගත් බව  පොලිසිය කියයි .  


                   හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම්  වල නිරත  පෙදරේරුවන් 15 දෙනෙකු

 මෙලෙස නිරෝධායන ට ලක් කළ බව පිලියන්දල පොලිසියේ  නිලධාරීයෙක්  පැවසීය .

                    එහි වැඩ වසන හිමිවරුන්ට අවශ්‍ය  දානමය කටයුතු ප්‍රජා පොලිස් කමිටුව හරහා සපුරාලීමට පියවර ගන්නා බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය.


No comments

Powered by Blogger.