AL සහ ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පැවැත්වීමට රජය දැනට තීරණය කරයි




 AL සහ ශිෂ්‍යත්ව විභාගය දීර්ඝ කල්දැමීමකින් තොරව නියමිත පරිදි පැවැත්වීමට රජය දැනට තීරණය කර තිබෙනවා.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මේ බව ප්‍රකාශ කළා.


මේ අතර නිරෝධායනය වන විභාග අපේක්ෂකයන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කර ඇති බවයි එහිදී ප්‍රකාශ කළේ.


මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය(11  ඉරිදා) සහ  උසස් පෙළ විභාගය (12 සඳුදා ) ආරම්භ වීමට නියමිතයි.


විභාග සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වෙනත් දිස්ත්‍රික්කවලට ගමන් කරන සිසුන්ට හා  ගම්පහට වෙනත් දිස්ත්‍රික්කවලින් එන සිසුන් පිළිබඳ අවශ්‍ය ප්‍රවාහන ඇතුළු පහසුකම් සපයන බවද ඔහු සඳහන් කළා.


එමෙන්ම අන්තර් ජාලය හරහා තොරතුරු පත්‍රිකාවක් නිකුත් කර දරුවන් ගැන තොරතුරු ගැනීමේ උත්සාහයකද නිරත වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ  කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

No comments

Powered by Blogger.