පාසල් ලමුන් ඉලක්ක කරගනිමින් සිදු කල මහා පරිමාණයේ ගංජා මිශ්‍ර බාබුල් ජාවාරමක් වටලයි





බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදු කල හදිසි වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදු කල ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ එම බාබුල් පැකට් පන්දහස් තුන්සියයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.


ජාවරම්කරුවන් විසින් ආකර්ෂණීය ආකරයෙන් කුඩා පැකැට්ටුවල මෙම බාබුල් අසුරා එම එක් කුඩා පැකට්ටුවක් රුපියල් දහයකට අලෙවි කර ඇති බව පොලිසිය සදහන් කලේය.

සැකකරුවන් ඉතාමත්ම සූක්ෂම ලෙස බුත්තල නගරයේ දී මෙම ජාවාරම සිදු කර ඇති අතර පාසල් සිසුන් සහ උපකාරක පංති පැමිනෙන සිසුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනස් හත සහ හැටපහ යන වයස් වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බුත්තල පොලිසිය පැවසීය.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බුත්තල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.








No comments

Powered by Blogger.