හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි





පසුගිය ජනාධිපතිවරණය දිනයේ පුත්තලමේ සිටි අවතැන්වු ඡන්ද දායකයින් ලංගම බස් රථ වලින් ප්‍රවාහනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.


 ඒ අනුව රිෂාඩ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 10 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


මෙම නඩුවේ දෙවන සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් එතෙක් ඔහු ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


 ඔහුගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා


තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සදහන් කළේ  එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතියක් යටතේ මෙම අවතැන් වූවන් ප්‍රවාහනය කිරීම සඳහා මූදල් ප්‍රතීපාදන . ලබා ගත් බවට විත්තිය විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබූ බව සිහිපත් කළා.


එහෙත් එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පොලීසියට ලබාදී ඇති ප්‍රකාශය තුළින් එම මුදල් වෙන් කිරීම නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් සිදු කරන ලෙස තමා උපදෙස් ලබා දී තිබූ බව සඳහන් කර ඇතැයි ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.


කෙසේවතත් මෙම මුදල් වෙන් කිරීමේදි නිසි නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කර නොමැති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් මහේස්ත්‍රාත් වරයා සඳහන් කළා.


කෙසේ වෙතත් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සඳහා දැරූ වියදම කිසියම් සංවිධානයක් විසින් ආපසු ගෙවා ඇති නිසා ඉන් රජයට පාඩුවක් සිදුවී නොමැති හෙයින් එම ක්‍රියාව හරහා අපරාධමය වරදක් උද්ගත නොවන බව විත්තියේ නීතිඥවරු විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා.


එහෙත් මහේස්ත්‍රාත්වරයා වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර සිටීයේ  කිසියම් අපරාධයක් සිදුකර එහි අලාභය ගෙවු පමණින් සිදුවූ අපරාධය ආපසු නොහැකි බවයි.


ඒ අනුව එම සැකකරුවන්ට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බැවින් ඇප  ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නේයැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් හත් දෙනෙකු රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ද  මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියා.


No comments

Powered by Blogger.