නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් නියෝග



ඉකුත්දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉකුත් 8 වනදා අධි චෝදනා පත්‍ර ගොනු කළ බවයි.


සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිට ලෙස විත්තිකරුට අවවාද කරන ලෙසද මෙහිදී නියෝජ සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා.


ඒ අනුව සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අදාළ නෞකාවේ කපිතාන්වරයා වන තිරෝස් හිල්යාස් නමැත්තාට නියම කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළා.

No comments

Powered by Blogger.