පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශය හුදෙකලා කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙද සංකීර්ණය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එම තීරණය ගෙන ඇත්තේ මිට පෙර එම පොදු වෙළෙද සංකීර්ණයේ මසුන් අලෙවි කරන ලද ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ වාර්තා ලැබීමත් සමගයි.
අද දිනය වන විට පානදුර උතුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 08 දෙනෙකුද පානදුර දකුණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් සිව්දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
Leave a Comment