වැල්ලවාය යාලබෝව රක්ෂිතයේ ගින්නක් අක්කර සීයකට වඩා විනාශයි



වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ යාලබෝව කදු රක්ෂිතයේ ඊයේ (1) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.


ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරුම රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇත.

ගින්න සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදාකළමනාකරන ඒකකයේ දැනුම් දීමක් මත කුඹුක්කන එකසිය විසිඑක්වන බලසේනා මූලාස්ථානයේ යුද හමුදා සෙබළුන් පිරිසක් පැමින ඊයේ රාත්‍රි වන විට ගින්න පාලනය කිරීමට සමත් වී තිබේ.


ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය පවසන අතර ගින්න සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.









No comments

Powered by Blogger.