මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ වෙත භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි


මාලිගාවත්ත ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පාතාල කල්ලි නායකයෙකු බව කියන සමරසිංහ ආරච්චිගේ මධුෂ්ක ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ වෙත භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


මෙම වෙඩි තැබීම සිදුවූ මාලිගාවත්ත ප්‍රදේශයට ගොස් ස්ථානිය පරීක්ෂණයක නිරත වූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය විසින් එම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කලා.


එහිදී මියගිය අයගේ නීත්‍යානුකූල බිරිඳ වන ජයනි මුතුමාලි සහ ඔහුගේ මවගේ සහෝදරියක වන මල්ලිකා සමරසිංහ විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය මියගිය මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ දේහය ඔවුන් වෙත මුදා හරින ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර සිටියා


No comments

Powered by Blogger.