සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටි පානදුර පිහිටි නිවසේ හිමිකරු පාස්කු කොමිෂට සාක්ෂි ලබා දෙයි



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටි පානදුර, පරත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ හිමිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (27) සාක්ෂි ලබාදුන්නේය.


එස්. එම් ඉල්හාම් නැමැති මෙම පුද්ගලයා කොමිසම හමුවට කැඳවූ පළමු අවස්ථාව මෙය වේ.


එහිදී සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැති පුද්ගලයාට තමන් මසකට රුපියල් හතලිස් දහසක් බැගින් වූ මුදලක් ලබා ගනිමින් කුලී පදනම මත එම නිවස ලබාදුන් බවය.


කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපය පෙන්වූ විට නිවසේ හිමිකරු තමා නිවස කුලී පදනම මත ලබාදුන්නේ එම පුද්ගලයාට බව එහිදී කොමිසම හමුවේ හඳුනාගත්තේය.


No comments

Powered by Blogger.