නිරෝධායනය ඇඳිරි නීතිය අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන්ට බලපෑමක් නෑ



නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබුණත් එම ප්‍රදේශවල සිට අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන්ට එහි බලපෑමක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂණ විදි නිසිලෙස භාවිත කරමින් විභාගය සඳහා සහභාගී විය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය රැක ගැනීම යන සිද්ධාන්තයන්ට වැඩි අවධානයක් දෙමින් කටයුතු කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.


“පොලිස් වසම් 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම මතුගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 3ක් හුදකලා කර තිබෙනවා. මේ සීමාවන් මොනවා පැනවුවත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ ප්‍රදේශවල ඉන්න පුළුවන්. මතුගමත් ඉන්න පුළුවන්. ඒ අයට මේ සංචරණ සීමා බලපාන්නේ නැහැ. ඔවුන්ට සුපුරුදු පරිදි තමුන්ගේ විභාගයට සහභාගි වෙන්න පුළුවන්.“

No comments

Powered by Blogger.