හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරාට සිතාසි



ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුවේ විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාට නොවැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද යළි සිතාසි නිකුත් කලා.


මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් 

මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥවරු ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුවේ විත්තිය වෙනුවෙන්

 සාක්කි දීම සඳහා හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා වෙත යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළා.


එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවේ සාක්ෂිකාර චූලානන්ද පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් ද සාක්ෂි ලබාදී ඇතැයි පෙන්වා දුන් අතර ඔහු විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා කැඳවීම පිළිබඳව විරුද්ධවන බව සඳහන් කර සිටියා.


එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුව යළි නොවැම්බර් මස 27 වන දා කැඳවන බවයි.


එදින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඉදිරිපත් කළ විරෝධතාවය පිළිබඳව තීරණයක් ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.


ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.


No comments

Powered by Blogger.