මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි





පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තුළ ජාවාරම් කළේ ඇයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ්ම මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.


ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.


ඉන් අනතුරුව සැකකරුවන් ලබන 26 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.


No comments

Powered by Blogger.