නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවට



ඉකුත්දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා..


අදාළ නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික තිරෝස්  හිල්යාස් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මත මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී  අදාළ කපිතන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අදාල චෝදනාවලට වරද පිළිගෙන මේ වන විට රුපියල් මිලියන 12 ක දඩයක් කොළඹ මහාධිකරණය හමුවේ ගෙවා අවසන් කර තිබෙන බව දැනුම් දුන්නා.


 ඒ අනුව ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.


එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරෝධය පළ කළේ නැහැ.


 ඒ අනුව අදාළ කපිතන් වරයා වෙත අධිකරණය මඟින් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා


No comments

Powered by Blogger.