ඊයේ ආසාදිතයින් අතරින් 121ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙරට කොවිඩ් පිළිබද නවතම වාර්ථාව



අද (23) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් තිබේ.


පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 14069ක් වන අතර ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 4ත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගියේ ය.


කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.


ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී තවත් අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකි.


මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය කෝවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වීමයි.


ඊයේ මිය ගිය පිරිස අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 ක කාන්තාවක් ද වන අතර ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නිව්මෝනියා තත්ත්වයයි.


කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහලට මාරුකර යවා තිබියදී මිය ගිය අනෙක් පුද්ගලයා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 75 ක පිරිමි පුද්ගලයෙකි.


එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගිය අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ නිව්මෝනියා තත්ත්වයයි.


මේ අතර ඊයේ දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා විය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් 391 දෙනෙකු දේශීයව හඳුනා ගත් බවත් ඉතිරි 9 දෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් බවයි.


දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් 121 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද තවත් 112 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 27 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද හඳුනා ගෙන තිබේ.


රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 479 දෙනෙකු ඊයේ (22) දිනය තුළ පූර්ණ සුවය ලබා රෝහග්වලින් පිටත්ව ගොස් ඇති අතර ඊයේ මෙරටදී සිදු කර ඇති සමස්ත PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 12,095 කි.

No comments

Powered by Blogger.