මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට



කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.


ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.


කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස 61 හැවිරිදි කාන්තාවක් ඊයේ (02) සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිත අයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම  පසුගිය 01 වැනි දින කොළඹ, ජම්පටාවීදියේ නිවසකදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද 68 හැවිරිදි කාන්තාවකගේ දේහය සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණයකින් එම කාන්තාව කොව්ඩ්-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී ඇති බව රජ‌යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

No comments

Powered by Blogger.