සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකු හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට



කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.


අදාළ පුද්ගලයා විසින් මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

No comments

Powered by Blogger.