ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයා අත්අඩංගුවට
ඇරැව්වල ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටි සිසුවෙකු වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා අද රෝහල් ගත කර තිබෙනවා.
එම සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති අතර, එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
පසුව අදාල වෛද්‍යවරයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Leave a Comment