මොනරාගල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි සිරකරුවෙකු මියයාමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්



මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් පහරදීමෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිරකරුවෙකු මියයාමක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කලේ බදුල්ල බන්ධනාගාර අධිකාරී වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙන බවයි.


සිරකරු විසින් බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදීමෙන් අනතුරුව තවත් බන්ධනාගර නිලධාරීන් කිහිපදෙනෙකු අදාළ රැඳවියාට පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වාර්තා විය.


මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි 40 හැවිරිදි අම්පාරේ පදිංචිකරුවෙකි.


No comments

Powered by Blogger.