අගුලු දමා ඇති අටලුගම පිරිසක් බොල්ගොඩ ගඟේ අතු ඔය හරහා ප්රදේශවලට ගිහින්
හුදකලා කර තිබෙන අටලුගම ඇතුළු ග්රාම සේවා වසම් 7 සමහර පිරිස් අටුලුගම කිම්මන්තුඩාව බොල්ගොඩ ගඟේ අතු ඔය හරහා ඔරු පාරු මගින් වෙනත් ප්රදේශවලට ගමන් කරන බවට ලද තොරතුරු අනුව එය වැළැක්වීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටු සේවාවක් අද ( 23) උදෑසන ආරම්භ කෙරිණි.
එම බෝට්ටු සේවාවට මොරටුව කොස්- පැලෑන පොලිස් නාවික කොට්ඨාසය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ එස් ජයසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින් 4 දෙනෙකු රාජකාරියෙහි යොදවා ඇත .
Leave a Comment