සහල් මිල පාලනයට අදාළව අද ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යයි




සහල් මිල පාලනයට අදාළව අද ගැසට් නිවේදනයක් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ පිටකොටුව තොග වෙළඳපොලේ අද පෙරවරුවේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලටම තොග වෙළඳපලට සහල් සපයන තත්ත්වයක් පවතින බවයි.


එය පාලනය කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු කියා සිටියා.


එම අවස්ථාවට එක්ව සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ තොග වෙළඳපොලට පැමිණෙන සියලුදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි අයුරින් පිළිපැදිය යුතු බවයි.


No comments

Powered by Blogger.