මහර බන්ධනාගාරයේ ජීවිතක්ෂයට පත්වූ රැඳවියන් 09 දෙනෙකුට කොරෝනා



මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ රැඳවියන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


ඒ, ඊයේ සිදුකළ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ එලෙස තහවුරු වූ නව දෙනාට අමතරව මියගිය තවත් රැඳවියන් දෙදෙනෙකුගේ සිරුරු අද පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි.

No comments

Powered by Blogger.