මහර බන්ධනාගාරයේ තුවාල ලැබූ 113 අතරින් 35 දෙනෙකුට කොරෝනා 4ක් ICU
මහර බන්ධනාගාරයේ කළකහාරි තත්ත්වයෙන් තුවාල ලැබූ 113 දෙනෙකු මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බව එහි අධ්යක්ෂ ෂෙල්ටන් පෙරේරා මහතා පැවසී ය.
ඔහු සඳහන් කළේ ඒ අතුරින් 35 දෙනෙකුට කොරෝනා ආසාදිත බව දැනට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.
ඇතුළත් කළ තුවාල කරුවන්ගෙන් 16 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් පසුවන අතර තවත් 4 දෙනෙකු ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව ද අධ්යක්ෂවරයා පැවසී ය.
මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද වත්තල මහේස්ත්රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ අතර අධිකරණ මගින් ඇප ලබා දුන් බන්ධනාගාර සැකකරුවන් 87 දෙනෙකු අම්පාර අඩ්ඩාලච්චේනේයි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම රඳවා ඇති බවයි.
Leave a Comment