බස්නාහිර පළාතෙන් පිටවන අයගෙන් ඊයේ දිනයේත් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගනී




බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී සිදු කළ අහඹු කොරෝනා පරීක්ෂාවන්ගෙන් ඊයේ දිනයේත් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගත් බව පොලීසිය පවයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ දක්වා කාලය තුළ ස්ථාන 11කදී සිදු කළ පරීක්ෂා කිරීම්වලින් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.


ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙකු පමණ නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, පසුගිය 18 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 10,986 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී අහඹු කොරෝනා පරීක්ෂාවන්ට ලක් කර ඇති බවයි.

No comments

Powered by Blogger.