කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 දෙනෙකුට කොරෝනා බවට තහවුරු වෙයි




කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.


ආසාදිත සේවකයින් ඊයේ දින නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් ද මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


මීට අමතරව මුළුතැන්ගෙයි කටයුතු පවත්වාගෙන යාම සඳහා අද සිට වෙනත් පිරිසක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.

No comments

Powered by Blogger.