බොරැල්ලේ දී 18 හැවිරිදි තරුණයෙකු කපාකොටා ඝාතනය කරයි



බොරැල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.


පොලීසිය සඳහන් කළේ, කැපුම් තුවාල සහිතව සිටි අදාළ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේදී මිය ගොස් ඇති බවයි.


ඝාතනයට ලක්ව ඇත්තේ, 18 හැවිරිදි තරුණයෙකි.


පෞද්ගලික හේතුවක් මත ඝාතනය සිදු කර ඇතැයි, අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

No comments

Powered by Blogger.