දින 55 කට පසු පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය විවෘත කරයි
පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද දින 55 කට පසුව තොග වෙළෙඳාමට පමණක් විවෘත වුණා.
50% ට පමණ ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වය ඇතිව අද සිට මත්ස්‍ය වෙළෙඳ පොළ විවෘතව පවතිනවා .
අද දිනයේ මාළු තොග ලැබීම් සාමාන්‍ය පරිදි සිදු වුණේ නෑ. මාළු මිල පහළ ගොස් තිබුණා. මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අළුත්වැඩියා හේතුවෙන් මාළු තොග අලෙවි කිරීමට රථ ගාලේ කොටසක් යොදාගෙන තිබුණා.
රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අලුත්වැඩියා කර සියලු පහසුකම් යටතේ ඉක්මනින් විවෘත කරන බවයි.
Leave a Comment