සෞඛ්‍යයට බලපාන කරුණු මුල් කර ගනිමින් ජාතීන් සහ ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ



කොවිඩ්-19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.


වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.


දැනට මෙම වෛරසය වැළදී මිය යන පුද්ගලයෙකුගේ දේහ තුළ වෛරසය දින 36ක් පමණ පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.


සෞඛ්‍යයට බලපාන කරුණු මුල් කර ගනිමින් ජාතීන් සහ ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියළු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

No comments

Powered by Blogger.