ගහ - කොළ ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති සකස් වෙන්න ඕනි, කාදිනල් හිමිපාණෝ කියති



පරිසර පද්ධතිය ආරක්ෂා කර ගතහොත් මෙරට ජල සම්පත අනාගතයේදී සුරක්ෂිත වන ප්‍රධාන මාර්ගය බව රටම සැලකිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ට සුභ පැතීම සඳහා අද (22) උන්වහන්සේගේ නිල නිවසට ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමතමින් කාදිනල් හිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළේය.


"අද වෙන කොට අපේ රටේ විශාල වශයෙන් වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. ඒක නවත්වන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වනාන්තර ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් සකස් කරන්න රජය පියවර ගන්න ඕන. මේ රටේ ගහ-කොළ විනාශ කරන අයටත් තදබල දඬුවම් දෙන්න නීති සකස් වෙන්න ඕන. එහෙම කරලා මේ රටේ පරිසර පද්ධතිය රැක ගත හැකි වෙතොත් අනාගතයේ ලෝකයේ ඇතිවන ජල හිඟයේදී ජල සම්පත රැකගත හැකි" බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.


No comments

Powered by Blogger.