කොරොනා නිසා මෙවර මහරගම අපේක්ෂා රෝහලේ ළමුන්ට නත්තලට තෑගි බෝග නෑ



මහරගම අපේක්ෂා රෝහලේ කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු දැනට වාර්තා වන බවත් එක් පුද්ගලයකු පමණක් කොරෝනා ආසාදිතව දරුණු ලියුකේමියා තත්වය හේතුවෙන් මියගොස් ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා.


අද දින 18මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළ කරා.


 කොරෝනා ආසාදිත තිස්තුන් දෙනාගෙන් ළමුන් හත් දෙනෙකු සහ වැඩිහිටියන් 26 දෙනකු කොරෝනා ආසාදිතයින්  ලෙස හඳුනා ගත් බවත් ඔවුන් මේ වන විට වෙන් කර තබා ාල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බව එතුමන් කියා සිටියා 


.එසේම මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන් පරික්ෂා කර බලා කොරෝනා ආසාදිත දැන් සොයා බැලීමෙන් අනතුරුව රෝහල වෙත ඇතුළත් කිරීම සිදුකරන බවත් කොරෝනා ආසාදිත ව ඇතුලත් කරන පුද්ගලයින් වෙන්කර ්‍රතිකාර කිරීමටද අලුත්  ඒකකයක් ස්ථාපනය කර ඇති බව වැඩි දුරටත් කියා සිටියා . රෝගීන් ඇතුළත් කිරීමේ දී එම රෝගියා සමග එක් පුද්ගලයකු පමණක් පැමිණෙන ලෙසත් පිලිකා රෝගීන් කොරෝනා අවදානමත් සමඟ වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ තුමා කියා සිටියා.


 නත්තල වෙනුවෙන්අ පේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා ලැබෙන තෑගි බෝග ද කොරෝනා අවදානම හේතුවෙන්නොලැබී ඇති බව එතුමන් ව කියා සිටියා එහිදී වැඩිදුරටත් එතුමන් කියා සිටියේ හැකියාව ඇති පිරිස් මෙවර නත්තල වෙනුවෙන් ළමුන්ට තෑගි බෝග ගෙනැවිත් ලබාදීමට කටයුතු කරන්නේ නම් බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි

 

No comments

Powered by Blogger.