රජයේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රීලනි ප්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම බරපතල ගැටලු‍වක් - පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර



රජයේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම බරපතල ගැටලු‍වක් බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.


ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට කණස්සල්ලෙන් පසුවන බවයි.


ඒ, තම ඡන්දදායකයින්ට සේවය සැපයීමේදී ප්‍රදේශයේ ආණ්ඩු පාර්ශවයේ දේශපාලනඥයින්ගෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙන්.


එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරයාමේ අවදානමක් මතුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී පෙන්වා දුන්නේ.


එම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය අදාළ ගැටළුව විසඳීම සඳහා පියවර ගත යුතු බවයි ඔහු කියා සිටියේ.


No comments

Powered by Blogger.