පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්තදී අත්අඩංගුවට
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියදීයි ඉන් පළාගොස් තිබුනේ.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් තිබූ බවයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
Leave a Comment