හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද සවස 6.30 ට ආරම්භ වනවා.
ඒ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.
නිදහස් පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මුහුණදෙන ගැටලු, වර්තමාන දේශපාලනික තත්ත්වය සහ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ.
Leave a Comment