"බුරවි" ගියත් දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි



‘බුරවි’ සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කළද, එහි බලපෑම හේතුවෙන් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


ඒ පිළිබඳව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ අද දිනයේත් උතුරු සහ වයඹ පළාත්වල කුණාටුවේ බලපෑම හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි බවයි.


එමෙන්ම, පුත්තලමේ සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටීමට කටයුතු කිරීම වඩාත් උචිත බවයි ඔහු ප්‍රකාශ කළේ.


‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති අතර, පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 44,848 ක්.


මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 06 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.


නිවාස 50 කට එහිදී පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 2,148 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

No comments

Powered by Blogger.