ඇන්ටාක්ටිකා මහද්වීපයෙනුත් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි



ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු ඒ අනුව හඳුනාගත් බවයි.


එහි පර්යේෂණ මධස්ථානයක සිටින හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට සහ නඩත්තු නිලධාරීන් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා චිලී රාජ්‍යය වෙත පිටත්කර ඇති බව සඳහන්.


මේ හේතුවෙන් එහි සියලුම පර්යේෂණ ව්‍යාපෘති නවතා දැමීමටද කටයුතු කර තිබෙනවා.

No comments

Powered by Blogger.