මහපාරේ රේස් පදින යතුරුපැදි අල්ලන්න විශේෂ මෙහෙයුමක්


අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.


අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මොරටුව - එගොඩඋයන ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිණි මවක් බරපතල තුවාල සිදුකිරීම සහ ඇයගේ කලලය ද විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමින් මෙලෙස වැටලීම් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.


මේ අතර, කිඹුලාවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ එලෙස යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී යතුරුපැදි 24ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.


එමෙන්ම, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට ද කටයුතු  සූදානම් කර තිබෙනවා. ඉදිරියේදී මෙලෙස තවදුරටත් ධාවන තරඟ පවත්වන්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments

Powered by Blogger.