කොරෝනා මරණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජය පත් කළ කමිටුව අද රැස් වෙයි





කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමිදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතයි.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා උපදෙස් ලබා දී තිබුණේ කඩිනමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන ලෙසටයි.


මේ අතර කොරෝනා ආසාදිත දේහ භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණා.


කෙසේ වෙතත් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්විය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවයි.

No comments

Powered by Blogger.