අවුරුදු 03ක දැරියකට ලිංගික අතවර කළ 14 වයසැති ඇගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට



අවුරුදු 03ක් වයසැති දැරියකට ලිංගික අතවර කළේ යැයි  චෝදනා සම්බන්ධයෙන් එම දැරියගේ අවුරුදු 14ක් වයසැති ඥාති සහෝදරයෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


 මව සහ පියා රැකියාව සදහා නිවසින් පිටව ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිට ඇති බාල වයස්කාර දැරියව සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකාර බාලවයස්කරුවා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා.


එහිදී බාලවයස්කරුවා විසින් දැරියට ලිංගික අතවරය සිදුකර ඇති බවටයි පොලිසිය පවසන්නේ.


දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් බාලවයස්කාර ඥාති සහෝදරයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments

Powered by Blogger.