මැදිරිගිරියේ හෝටලයක සාදයක් පැවැත් වූ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට



නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මැදිරිගිරියේ නගරයේ හෝටලයක සාදයක් පැවැත් වූ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර තරුණියන් 13 දෙනෙකු සිටින බවය.


අත්අඩංගුවට ගත් පිරිස අතර හෝලටයේ හිමිකරු සහ කළමනාකාරවරයා ද වේ.


තරුණයින් 39 දෙනෙකු එම අවස්ථාවේදීම මුදා හැර ඇති අතර ගංජා ළඟ තබාගෙන සිටි තරුණයින් තුන් දෙනෙකු හෙට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

No comments

Powered by Blogger.